උතුර දකුණ යා කළහැකි සංස්කෘතික පාලම ගොඩනැගිය හැක්කේ කලාකරුවන්ටයි – ජනපති

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලාංකික ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංසදය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (25) පස්වරුවේ පවත්වා තිබේ.

රට තුළ මෙන්ම විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන ජනතාවට අහිමි වී ගිය සංස්කෘතික ජීවිතය නැවත සමීප කරවීම වෙනුවෙන් එළිමහන් ප්‍රසංග පවත්වන කලාකරුවන් සිදුකරන මෙහෙය මෙහිදී ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සිය ස්තූතියද පළකර ඇත.

ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන ජනතාව ආර්ථික වශයෙන් ගොඩනැංවීමට රජය ගෙන යන වැඩපිළිවෙළට අමතරව ඔවුන්ගේ කටුක ජීවන රටාවට අස්වැසිල්ලක් වෙමින් සංස්කෘතික ජීවිතයක් ලබා දීමේ වැදගත්කම පැහැදිලි කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සංස්කෘතික ක්‍රියාකාරකම් තුළින් විනයගරුක පුරවැසියෙක් රට තුළ ගොඩනැගිය හැකි බවත්, එහිදී ප්‍රාසාංගික ක්ෂේත්‍රයේ කලාකරුවන්ට දැඩි වෘත්තිමය සහ සමාජ වගකීමක් පවතින බවත් අවධාරණය කළේය.

එමෙන්ම උතුර දකුණ යා කළ හැකි සංස්කෘතික පාලම ගොඩ නැගිය හැක්කේ කලාකරුවන්ට බව පැවසු ජනාධිපතිවරයා සමස්ත රට පුරා සංස්කෘතික ප්‍රබෝධයක් ඇති කිරීමේ සැබෑ වුවමනාව වත්මන් රජයට තිබෙන බවත්, ඒ සඳහා ලබාදිය හැකි අනුග්‍රහයන් ලබා දෙන බවටත් පොරොන්දු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ශ්‍රී ලංකා ප්‍රසංග හා සැණකෙලි සංවිධායකවරු හා සම්බන්ධීකාරකවරුන්ගේ ඒකාබද්ධ සංසදය, සංගීත කණ්ඩායම් සංසදය, ගායක ගායිකා සංසදය, නිවේදක සංසදය, නර්තන කණ්ඩායම් සංසදය, ශබ්ද පරිපාලකවරුන්ගේ එකමුතුව ඇතුළු එළිමහන් ප්‍රසංග පවත්වන කලාකරුවන් රැසක් මීට එක්ව සිටී අතර ක්ෂේත්‍රය තුළ කටයුතු කරගෙන යාමේදී ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු වී තිබේ.

එම ගැටලුවලට එම අවස්ථාවේදීම ප්‍රමාණවත්  විසදුම් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කළ අතර එය සහභාගී වූ පිරිසගේ පැසසුමට ලක් විය.

එසේම එම ක්‍රියාමාර්ගවල ඉදිරි පියවර ගැනීමට ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ශ්‍රී ලාංකික ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංසදය නියෝජනය කරමින් අදහස් දැක්වූ ගායන ශිල්පී  රොෂාන් ප්‍රනාන්දු මහතා වත්මන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව තුළ නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරමින් සිටින බවත්,  එහි කොටස්කරුවන් වීමට කලාකරුවන් ලෙස තමන්ද කැමැත්තෙන්  පසුවන බවත් පෙන්වා දුන්නේය.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය  ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, බස්නාහිර පළාත් ආණ්ඩුකාර යූසුෆ් හනීෆ්, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම්  ප්‍රින්ස් සේනාධීර, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාට එක්ව සිටියහ.

  • Related Posts

    • 18 views
    නවසීලන්ත රජය ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය සහාය තවදුරටත්

    නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්සන්ට් පීටර්ස් මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදි සිදු විය. පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදී ද ලැබු සුවිශේෂී ජයග්‍රහණ පිළිබඳ මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නව රජය වෙත නවසීලන්ත රජයේ සහ ජනතාවගේ සුබපැතුම් පිරිනැමූ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා දෙරට අතර දිගුකාලීන මිත්‍ර සබඳතා ඉතා ශක්තිමත් ලෙස තහවුරු කර ගැනීම තම රජයේ අරමුණ බවද කියා සිටියේය.  නව රජය යටතේ ශ්‍රී ලංකාවේ සිදු වෙමින් පවතින ධනාත්මක වර්ධනය පිළිබඳ සතුට පළ කළ නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා දේශපාලන ස්ථාවරත්වය, ආර්ථික ස්ථාවරත්වය සහ සමාජ සංවර්ධනය වෙනුවෙන් නව රජය ගෙන යන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළේය. එමෙන්ම රට නිවැරදි දිශාවට ගෙන යාමේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා පැසසුමට ලක්…

    • 19 views
    India’s Reserve Bank seeks approval for rupee lending to Sri Lanka

    India’s central bank is taking another step to internationalise the rupee, seeking approval to allow domestic banks to lend the currency to overseas borrowers in Sri Lanka and other countries. The Reserve Bank of India (RBI) has asked the federal government to allow domestic banks and their foreign branches to lend Indian rupees to overseas borrowers to enhance the use and acceptability of the local currency in trade. The proposal, which was sent to the finance ministry last month, suggests lending in rupees to non-residents can begin in neighbouring countries such as Bangladesh, Bhutan, Nepal and Sri Lanka, the sources said. If successful, such rupee-denominated lending could be extended to cross-border transactions globally, one of the sources said. https://googleads.g.doubleclick.net/pagead/ads?client=ca-pub-1795470547300847&output=html&h=280&slotname=6280235995&adk=251595277&adf=743471279&pi=t.ma~as.6280235995&w=696&abgtt=7&fwrn=4&fwrnh=100&lmt=1748308625&rafmt=1&format=696×280&url=https%3A%2F%2Fcolombogazette.com%2F2025%2F05%2F26%2Findias-reserve-bank-seeks-approval-for-rupee-lending-to-sri-lanka%2F&host=ca-host-pub-2644536267352236&fwr=0&fwrattr=true&rpe=1&resp_fmts=3&wgl=1&uach=WyJXaW5kb3dzIiwiMTkuMC4wIiwieDg2IiwiIiwiMTM2LjAuMzI0MC45MiIsbnVsbCwwLG51bGwsIjY0IixbWyJDaHJvbWl1bSIsIjEzNi4wLjcxMDMuMTEzIl0sWyJNaWNyb3NvZnQgRWRnZSIsIjEzNi4wLjMyNDAuOTIiXSxbIk5vdC5BL0JyYW5kIiwiOTkuMC4wLjAiXV0sMF0.&dt=1748310564331&bpp=1&bdt=316&idt=130&shv=r20250521&mjsv=m202505220101&ptt=9&saldr=aa&abxe=1&cookie=ID%3D414febda410ef934%3AT%3D1742430699%3ART%3D1748310533%3AS%3DALNI_Ma7nbxI7Wzm1_v9KIYMOpvoUUfBGQ&gpic=UID%3D0000106a38e7c116%3AT%3D1742430699%3ART%3D1748310533%3AS%3DALNI_MbJZ_ucfDLFwNpO35KtETIEYRnQeA&eo_id_str=ID%3D230d7c9ba290e8d0%3AT%3D1742430699%3ART%3D1748310533%3AS%3DAA-AfjZmx4pB-oXviON6EZgFU5eb&prev_fmts=0x0%2C696x280%2C696x280&nras=1&correlator=3217611507509&frm=20&pv=1&u_tz=330&u_his=1&u_h=864&u_w=1536&u_ah=816&u_aw=1536&u_cd=24&u_sd=1.25&dmc=8&adx=222&ady=1878&biw=1513&bih=708&scr_x=0&scr_y=0&eid=31092617%2C95353387%2C95360813%2C31092656%2C95361622%2C95360953%2C95360683&oid=2&pvsid=2142780534278016&tmod=1270908148&uas=0&nvt=1&ref=https%3A%2F%2Fcolombogazette.com%2F&fc=1920&brdim=0%2C0%2C0%2C0%2C1536%2C0%2C1536%2C816%2C1528%2C708&vis=1&rsz=%7C%7CoeEbr%7C&abl=CS&pfx=0&fu=128&bc=31&bz=1.01&td=1&tdf=2&psd=W251bGwsbnVsbCxudWxsLDNd&nt=1&pgls=CAEQBBoHMS4xNTMuMA..&ifi=4&uci=a!4&btvi=1&fsb=1&dtd=134 According to Ministry of Commerce data,…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *